ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ ඉලෙක්ට්‍රික් ස්කූටර් නිෂ්පාදන සමාගමක් වන Greaves Ampere සහ Softlogic Holdings PLC හි අනුබද්ධිත සමාගමක් වන Softlogic Automobiles (Pvt) Ltd අතර සුවිශේෂී හවුල්කාරිත්වයක් ඇති කරගෙන තිබේ. ඒ අනුව Greaves Ampere හි ශ්‍රී ලාංකීය නිල සහ සුවිශේෂී බෙදාහැරීමේ හා අලෙවි නියෝජිතයා ලෙස Softlogic Automobiles පත් කර ඇත.
මෙම හවුල්කාරීත්වය යටතේ Nexus, Magnus Neo, Magnus Gmax සහ Reo Vyb යන මාදිලිවලින් සමන්විත Ampere ඉලෙක්ට්‍රික් ස්කූටර් පෙළ මෙරටට හඳුන්වා දෙනු ලබන අතර, මෙම නව මෝටර් රථ සන්නාමය Autovision Colombo Motorshow 2026 ප්‍රදර්ශනයේදී නිල වශයෙන් එළිදැක්වීමට නියමිතය. අගෝස්තු මාසයේ සිට වත්තල පිහිටි Softlogic Max ප්‍රදර්ශනාගාරයෙන් මෙම ස්කූටර් අලෙවිය ආරම්භ වන අතර, වසර අවසානය වන විට දිවයින පුරා අලෙවිසැල් සහ සේවා මධ්‍යස්ථාන පුළුල් කිරීමට සමාගම කටයුතු යොදා ඇත.
















