උතුරු පළාතේ දුෂ්කර පාසල්වල අධ්‍යාපන පහසුකම් නංවාලීමේ අරමුණින් රුපියල් මිලියන 78.5ක දැවැන්ත මූල්‍ය ප්‍රතිපාදන යොදවමින් ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිලි දෙකක් සිසු අයිතියට පත් කිරීමේ උත්සවය මුලතිව්හිදී උත්කර්ෂවත් අයුරින් පැවැත්වුණා. පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන අරමුදලේ මූල්‍ය දායකත්වය යටතේ ක්‍රියාත්මක වූ මෙම ව්‍යාපෘතියේ විවෘත කිරීමේ උත්සවය සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සාර්ථකව නිමාවට පත් විය.
මෙම නව පහසුකම් හරහා උතුරු පළාතේ පාසල් දරුවන්ට වඩාත් යහපත් හා පහසුකම් සහිත අධ්‍යාපන පරිසරයක් නිර්මාණය වන අතර, එය එම ප්‍රදේශවල අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමට විශාල පිටුවහලක් වනු ඇත. රජය විසින් ක්‍රියාත්මක කරන මෙවැනි සංවර්ධන වැඩසටහන් මගින් දිවයිනේ සෙසු ප්‍රදේශවල මෙන්ම උතුරු පළාතේ දරුවන්ගේ අනාගතය ද සුරක්ෂිත වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
















