හීලෑ අලි ඇතුන් නියාමනය කිරීම සහ සත්ව සුබසාධන පනත සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංවිධානය අතර විශේෂ සාකච්ඡාවක් එළැඹෙන 07 වැනිදා කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය.
සත්ව සුබසාධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංවිධානය විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම සාකච්ඡාව සංවිධානය කර ඇත. ඒ සඳහා හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංවිධානයේ සභාපති නිලංග දෑල මහතා ඇතුළු පිරිසක් සහභාගි වීමට නියමිත අතර, පනතේ ඇති වැදගත් කරුණු රැසක් එහිදී පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් වනු ඇත.














