රෝම නුවරදී අද පැවති ඊශ්රායල – ලෙබනන් ද්විපාර්ශ්වික සාකච්ඡා “බිම් මට්ටමේ සිදුවීම්” (events on the ground) හේතුවෙන් පූර්වමේදී අවසන් වී ඇති නමුත්, හෙට පෙරවරුවේ යළිත් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.
දේශපාලන හා යුදමය කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, ඒවා “ඉතා ඵලදායී” වූ බව මූලාශ්ර සඳහන් කරයි. කෙසේ වෙතත්, හිස්බුල්ලා සංවිධානය නිරායුධ කරන ලෙස ලෙබනනයෙන් අපේක්ෂා කරමින්, ඊශ්රායලය ලෙබනන භූමියෙන් ඉවත් වන්නේ කෙසේද යන්න පිළිබඳව දේශපාලන විචාරකයෝ තවමත් ගැටලු මතු කරමින් සිටිති. මීට පෙර මෙම උත්සාහයන් අසාර්ථක වූ පසුබිමක, මෙම නව රාජ්යතාන්ත්රික රාමුව කෙසේ ක්රියාත්මක වනු ඇත්ද යන්න දැඩි අවධානයට ලක්ව ඇත.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්














