බංග්ලාදේශයේ පැතිර යන දැඩි සරම්ප වසංගතය හේතුවෙන් පීඩාවට පත් පවුල් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී ඇති බව එරට ‘ඩේලි ස්ටාර්’ පුවත් සේවය වාර්තා කරයි. රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දැරීමට සිදුවූ අධික පිරිවැය පියවා ගැනීමට නොහැකිවීම නිසා, රෝගී පවුල් 10කින් 9කටම (89%කට) ණය වීමට සිදුව ඇති බව ජාත්‍යන්තර රතු කුරුස සංවිධානය සහ එරට රතු කුරුස නියෝජිතයන් සිදු කළ සමීක්ෂණයකින් අනාවරී වී තිබේ.
මේ අතර, එරට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් කාර්යාලය සඳහන් කරන්නේ සරම්ප රෝගය හේතුවෙන් සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 849 දක්වා ඉහළ ගොස් ඇති බවයි. වාර්තා වී ඇති සැක කටයුතු රෝගීන් සංඛ්‍යාව 131,946ක් වන අතර, වෛරසය ආසාදනය වූ බව තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 16,531ක් දක්වා ඉහළ ගොස් තිබේ.














