ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට පතිත වන අධික වර්ෂාපතනය හේතුවෙන් හටගත් දැඩි ගංවතුර සහ නායයෑම් තත්ත්වයන් නිසා මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 20 දක්වා ඉහළ ගොස් ඇති බව එරට ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. කොට්ටායම් ඇතුළු දිස්ත්‍රික්ක තුනකට වැඩිම බලපෑමක් එල්ල වී ඇති අතර, තවත් පුද්ගලයන් 5 දෙනෙකු අතුරුදන්ව තිබේ.
පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇති අතර, විපතට පත් වූවන් මුදාගැනීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වේ. ආරක්ෂක පියවරක් ලෙස ප්‍රාන්තයේ සියලුම පාසල් නැවත දැනුම් දෙන තුරු වසා දමා ඇති බව වාර්තා වේ.














