වෙළෙඳාම, ඩිජිටල්කරණය සහ කෘත්‍රිම බුද්ධි (AI) ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් පුළුල් කරමින් ශ්‍රී ලංකාව සහ ඕමානය අතර උපායමාර්ගික හවුල්කාරිත්වය වැඩිදියුණු කරගැනීමට දෙරටේ රජයන් විශේෂ අවධානයක් යොමු කර තිබේ.
ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඕමාන සුල්තාන් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික උපදේශනවල සිව්වන වටය මස්කට් නුවරදී සාර්ථකව පැවැත්වී ඇති අතර, එහිදී විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජ සහ ඕමාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ උප ලේකම් ෂෙයික් කලීෆා බින් අලී බින් ඉසා අල් හාර්ති යන මහත්ම මහත්මීන් දූත පිරිස් මෙහෙයවා ඇත. මෙම සංචාරය දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ස්ථාපිත කර වසර 45ක් සපිරීමට සමගාමීව සිදුවීම විශේෂත්වයකි.














