“ඔවුන් සිරියාව මෙන් පැය 48 කින් ඉරානය අල්ලා ගැනීමට සැලසුම් කර තිබුණා. රමසාන් යුද්ධයේදී අපේ ශ්‍රේෂ්ඨ නායකයන් ජීවිතක්ෂයට පත්වීම (ශුද්ධ වූ මරණයට පත්වීම) වේදනාකාරීයි. සියලු දුෂ්කරතා හා අභියෝග මැද, ඉරානය දැන් බලවත් සහ ඉමහත් ගෞරවයට පාත්‍ර වූ රටක් ලෙස හැඳින්වෙනවා,” යනුවෙන් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ප්‍රකාශ කර තිබේ.
යුද්ධයෙන් විනාශ නොවී පැවැත්ම තහවුරු කරගැනීමම විශාල ජයග්‍රහණයක් ලෙස ඉරානය ඉදිරිපත් කරන තර්කය මාස 6ක් ගත වන විට කිසිසේත් සුළු කොට තැකිය නොහැකි තත්ත්වයකට පත්ව ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්














