සූර්ය කෝෂ සහ අර්ධ සන්නායක (semiconductors) නිෂ්පාදනය සඳහා අත්‍යවශ්‍ය ප්‍රධාන ωරද්රව්යය වන පොලිසිලිකන් (polysilicon) නිෂ්පාදන මත 15%ක තීරුබදු සහ අවම ආනයනික මිල සීමාවන් පැනවීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පාලනය ඉදිරියේදී කටයුතු කිරීමට නියමිත බව වාර්තා වේ. චීනයේ වැඩිවන බලපෑම්වලින් ඇමරිකානු පොලිසිලිකන් කර්මාන්තශාලා ආරක්ෂා කර ගැනීම මෙම පියවරේ අරමුණ වී තිබේ.
වාණිජ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද ජාතික ආරක්ෂක පරීක්ෂණයකින් අනතුරුව මෙම තීරුබදු පැනවීමට නියමිත අතර, එය ඇමරිකානු දේශීය සූර්ය බලශක්ති නිෂ්පාදන කර්මාන්තයට දැඩි ලෙස බලපානු ඇතැයි විචාරකයෝ පෙන්වා දෙති.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්













