රජයක් ලෙස නවෝත්පාදන පර්යේෂණ සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, මූල්‍යමය සහයෝගය සහ ආයතන අතර සම්බන්ධතාව ගොඩනැඟීමේ වගකීම උපරිමයෙන් ඉටු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී (05) ප්‍රකාශ කළාය. පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතා යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අගමැතිවරිය මේ බව සඳහන් කළාය.
නව ව්‍යවසායකත්වය හා තාක්ෂණය වාණිජකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා විශ්වවිද්‍යාල සහ රාජ්‍ය ආයතන එක්ව තාක්ෂණික උපකාරක පද්ධති (Incubation Centres) ක්‍රියාත්මක කරන බවත්, ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාව (SLIC) ඇතුළු ආයතන හරහා නවක ව්‍යවසායකයන්ට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන, අඩු පොලී ණය සහ බුද්ධිමය දේපළ ආරක්ෂා කර දීමේ ක්‍රමවේද සකස් කර ඇති බවත් ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.












