පෝබ් සෝවියට් දේශයට අයත් ජෝර්ජියා (Georgia) රාජ්‍යයේ ප්‍රධාන නගර රැසකට සහ අගනුවර වන ටිබිලිසි (Tbilisi) වෙත සම්පූර්ණයෙන්ම විදුලිය විසන්ධි වී ඇත. ප්‍රධාන ජල විදුලි බලාගාරයක සිදු කරන ලද පරීක්ෂණයක් හේතුවෙන් මෙම විදුලි බිඳ වැටීම සිදුවන්නට ඇති බව රුසියානු මාධ්‍ය වාර්තා කරයි.
රටේ විදුලි හා ජල උපයෝගිතා කොමිසමේ නිලධාරියෙකු උපුටා දක්වමින් රුසියානු පුවත් ඒජන්සි සඳහන් කර ඇත්තේ, රටේ විදුලිබල පද්ධතියේ දුර්වලතා හඳුනා ගැනීම සඳහා පසුගිය මාසයේ සිදු වූ විදුලි බිඳ වැටීම් දෙකකින් පසු මෙම පරීක්ෂණ සිදු කරමින් තිබූ බවයි. මෙම හදිසි විදුලි විසන්ධි වීම සම්බන්ධයෙන් මේ වන විට වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්













