කතෝලික සභාවේ උත්තරීතර නායක ලියෝ පාප්තුමා (Pope Leo XIV) තම මංගල ලතින් ඇමරිකානු සංචාරය ලෙස නොවැම්බර් මස 6 සිට 17 දක්වා උරුගුවේ, ආජන්ටිනාව සහ පේරු යන රටවල සංචාරය කිරීමට නියමිත බව වතිකානය නිවේදනය කර තිබේ.
වසර 40කට ආසන්න කාලයකට පසු පාප්තුමෙකු ආජන්ටිනාවේ සහ උරුගුවේහි සංචාරය කරන පළමු අවස්ථාව මෙය වන අතර, දශක ගණනාවක් මිෂනාරිවරයෙකු ලෙස සහ රදගුරුවරයෙකු ලෙස තමන් සේවය කළ පේරු රාජ්‍යයේ චිකලායෝ (Chiclayo) නගරය වෙත ඔහු යළි පැමිණීම විශේෂ සිදුවීමක් වනු ඇත.
තොරතුරු උපුටා ගැනීම: Al Jazeera ඇසුරින්
















