මහර බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ නොසන්සුන්තාව අතරතුර රැඳවියන් විසින් සිදු කරන ලද දේපළ හානිය නිවැරදිව තක්සේරු කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත් කර ඇති බව වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත මහතා පවසයි.
ප්‍රධාන කරුණු:
මෙම කමිටුව හරහා සිදුවූ හානිය නිවැරදිව තක්සේරු කර එම කොටස් ප්‍රතිසංස්කරණය සඳහා වන කඩිනම් යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතය. පසුගිය සෙනසුරාදා ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වය හේතුවෙන් පුනරුත්ථාපන අංශ ගොඩනැඟිල්ල, අමුත්තන් පෙන්වන ස්ථානය, බන්ධනාගාර රෝහල, මුළුතැන්ගෙය, ප්‍රධාන ජේලර්වරයාගේ කාර්යාලය, කර්මාන්ත අංශය ඇතුළු පරිපාලන ගොඩනැඟිලි රැසකට පහර දී ගිනි තබා රුපියල් කෝටි ගණනක හානි සිදු කර තිබේ. මහර බන්ධනාගාරයේ සිදුවූ සමස්ත සිදුවීම පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කිරීම සඳහා වෙනම ත්‍රිපුද්ගල නිලධාරි කමිටුවක්ද පත් කර ඇති අතර, එය මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇත.
















