අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ 5 වසර ශිෂ්‍යත්ව විභාගය දැනට දැනුම් දී ඇති කාලසටහන් අනුව කිසිදු වෙනසකින් තොරව පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසයි.
ඉන්දිකා ලියනගේ මහත්මිය සඳහන් කළේ ඉදිරියේදී නිකුත් කරන කාලගුණික අනාවැකි අනුව විභාග දිනවල වෙනසක් සිදු කරන්නේ ද යන්න තීරණය කරන බවයි. ඒ අනුව, 5 වසර ශිෂ්‍යත්ව විභාගය මේ මස 09 වැනි දින විභාග මධ්‍යස්ථාන 2,723කදී ද, උසස් පෙළ විභාගය මේ මස 10 වැනි දින සිට සැප්තැම්බර් 05 වැනි දින දක්වා විභාග මධ්‍යස්ථාන 2,532කදී ද පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
විභාග නීති රීතිවලට අනුව, උසස් පෙළ උපකාරක පන්ති පසුගිය (04) මධ්‍යම රාත්‍රියේ සිටත්, ශිෂ්‍යත්ව පන්ති ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිටත් විභාගය අවසන් වන තෙක් සම්පූර්ණයෙන්ම තහනම් කර තිබේ. මෙම කාලසීමාව තුළ අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, බෙදා හැරීම, ප්‍රචාරක කටයුතු කිරීම සහ උපකාරක පන්ති පැවැත්වීම සපුරා තහනම් වන අතර, නීති කඩ කරන පාර්ශ්වයන්ට එරෙහිව ක්‍රියාත්මක වන බැවින් එවგුන් නීති උල්ලංඝනය කිරීම් පිළිබඳව පොලිස් මූලස්ථානය (0112421111 / 119) හෝ විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික අංක (1911) වෙත පැමිණිලි කළ හැකි බව ද ඇය දන්වා සිටියි.
















