වායු දූෂණයේ බරපතළ බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ පමණක් වසරකට අකල් මරණ 7,000ක් පමණ වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරීන් කර තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිසර සෞඛ්‍ය සහ වෘත්තීය සෞඛ්‍ය අධ්යක්ෂ වෛද්‍ය චාන්දනී විතාන මහත්මිය පෙන්වා දෙන්නේ, ගෝලීය වශයෙන් ද වායු දූෂණය දැඩි උවදුරක් බවට පත්ව ඇති අතර, ලොව පුරා පුද්ගලයින් මිලියන 7ත් 8ත් අතර සංඛ්‍යාවක් වාර්ෂිකව ඒ හේතුවෙන් ජීවිතක්ෂයට පත්වන බවයි.













