මධ්‍යම කඳුකර ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් නල්ලතන්නිය – ශ්‍රී පාද මාර්ගයේ නායයෑමක් සිදුවී ඇති අතර, ඒ හේතුවෙන් එම මාර්ගය ඇහැල කණුව ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන්ම අවහිර වී තිබේ.
හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් වීරසේකර මහතා සඳහන් කළේ, අඛණ්ඩව පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය නිසා ඇහැල කණුව අසල පිහිටි බෑවුමක කොටසක් මෙලෙස මාර්ගයට කඩා වැටී ඇති බවයි. මේ නිසා ශ්‍රී පාද මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති අතර, මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් පවතී.














