මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල රොසැල්ල ප්‍රදේශයෙන් ප්‍රධාන මාර්ගයේ කොටසක් ගිලා බැසීමේ අවදානමකට ලක් වී ඇති බව නෝර්වුඩ් මහා මාර්ග කාර්යාලයේ විධායක ඉංජිනේරු ඒ.එම්. සාධික් මහතා පවසයි.
මෙම ගිලාබැසීමේ අවදානම හේතුවෙන් එම ස්ථානයේ රථවාහන ගමනාගමනය එක් මංතීරුවකට පමණක් සීමා කර තිබේ. පවතින දැඩි අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ හැටන් සිට කිතුල්ගල දක්වා රථවාහන ධාවනය කිරීමේදී රියැදුරන් දැඩි සැලකිල්ලෙන් හා විමසිල්ලෙන් රිය ධාවනය කරවන ලෙස අදාළ අංශ දැඩි ලෙස ඉල්ා සිටී.














