මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ.
පවතින කාලගුණ තත්ත්වය හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර දක්වා ඉහළ යා හැකි අතර, මුහුදු ප්‍රදේශද විටින් විට ඉතා රළු තත්ත්වයට පත්විය හැක. එබැවින්, නැවත දැනුම් දෙන තුරු අදාළ මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් සහ ධීවර කටයුතුවල නිරත වීමෙන් සම්පූර්ණයෙන්ම වළකින ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් දැඩි ලෙස ඉල්ලා සිටී.













