පෙර පැවති ආකාරයට මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කළ හැකි පරිදි දූෂණ විරෝධී පනතට අදාළව පසුගිය මාසයේදී නිකුත් කළ ගැසට් නිවේදනය සංශෝධනය කිරීමට ආණ්ඩුව තීරණය කර තිබේ.
අදාළ ගැසට් නිවේදනය මඟින් මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීම අත්හිටුවීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ සමාජයේ දැඩි කතාබහක් හටගෙන තිබිණි. කෙසේ වෙතත්, පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේ, නව සංශෝධනය මඟින් මහජන නියෝජිතයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ පමණක් ප්‍රසිද්ධ කළ හැකි වන අතර, මහජන නියෝජිතයන් නොවන වෙනත් පුද්ගලයන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමට අවසර නොලැබෙන බවයි.














