කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත මූල්‍ය සමාගමක් වූ ඇසෝසියේටඩ් මෝටර් ෆයිනෑන්ස් පීඑල්සී සමාගම අද (අගෝස්තු 06) දින සිට කොළඹ කොටස් වෙළෙඳපොළේ නිල ලැයිස්තුවෙන් ඉවත් වී තිබේ.
මෙම සමාගම මෙරට ප්රමුඛ පෙළේ මූල්‍ය සමාගමක් වන LB ෆිනෑන්ස් පීඑල්සී සමඟ ඒකාබද්ධ වීම හේතුවෙන්, එය මෙලෙස කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත් කෙරෙන බව නිවේදනය කර ඇත.














