චීනයේ වයඹදිග ෂාන්සි (Shaanxi) පළාතට ඇදහැලුණු දැවැන්ත වර්ෂාව සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් මාර්ග කඩාවැටී, පාලම් හා විදුලි සහ සන්නිවේදන යටිතල පහසුකම් වලට බරපතල හානි සිදුව තිබේ. ගත වූ පැය 24 තුළ පමණක් පුද්ගලයින් 25,000කට වැඩි පිරිසක් ඉන් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇතැයි එරට සීසීටීවී (CCTV) රූපවාහිනිය වාර්තා කරයි.
ජූලි 30 වන දින සිට මේ දක්වා ෂාන්සි පළාතෙන් පමණක් ඉවත් කර ඇති සංඛ්‍යාව 140,000 ඉක්මවා තිබේ. මේ අතර, අගෝස්තු 9-10 දිනවලදී ෂැංහයි සිට ෆුජියන් දක්වා නැගෙනහිර වෙරළ තීරයට බලපෑම් කරනු ඇතැයි අපේක්ෂිත ‘ඩොල්ෆින්’ (Dolphin) සුළි කුණාටුවටද චීනය මේ වන විට සූදානම් වෙමින් සිටී. එපමණක් නොව, රටේ ප්‍රදේශ රැසකට තවදුරටත් තද වැසි සහ අන්ත උණුසුම් කාලගුණ තත්ත්වයන් අපේක්ෂා කරන බව බලධාරීන් අනතුරු අඟවා ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














