කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ (DRC) ඉබෝලා වසංගතය පැතිරයෑමත් සමඟ මරණ සංඛ්‍යාව 1,800 ඉක්මවා ගොස් ඇති පසුබිමක, වැටුප් නොගෙවීම හේතුවෙන් ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයින් දුසිම් ගනනක් විරෝධතාවක නිරත වී තිබේ.
රටේ ඉබෝලා ආසාදිතයින්ගෙන් සියයට 90කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වන ඉචුරි (Ituri) පළාතේ බුනියා (Bunia) අගනගරයේ ආණ්ඩුකාර කාර්යාලය ඉදිරිපිට මෙම විරෝධතාව පැවැත්වුණු අතර, මැයි මස මැද භාගයේ වසංගතය ප්‍රකාශයට පත් කළ දින සිට තමන්ට වැටුප් සහ දීමනා ලැබී නැති බව සේවකයෝ පවසති. ගැටුම්කාරී තත්ත්වයන් සහ දුෂ්කර භූගෝලීය පසුබිමක් පවතින ප්‍රදේශයක මෙම වසංගතය පෙර නොවූ විරූ වේගයකින් පැතිර යන බව සහන සේවකයෝ අනතුරු අඟවති.
රජයේ නවතම දත්ත වලට අනුව මෙහි සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 3,973ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, මරණ සංඛ්‍යාව 1,801ක් ලෙස වාර්තා වේ. ලොව දෙවන විශාලතම ඉබෝලා වසංගතය ලෙස සැලකෙන මෙම තත්ත්වය පාලනය කිරීමට වහාම මැදිහත් වන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ ‘සීමාවන් නොමැති වෛද්‍යවරු’ (MSF) සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
තොරතුරු උපුටා ගැනීම: Al jazeera ඇසුරින්














