වැලිගමඩුව පොලිස් වසමට අයත් අඹකෝටේ ප්‍රදේශයේදී පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් 48 හැදි වියැති කාන්තාවක් ඇගේ සැමියා විසින් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබේ.
අඹකෝටේ ප්‍රදේශයේ පදිංචිකාරිනියක වූ ඇය තියුණු ආයුධයකින් සිදු කළ ප්‍රහාරයකින් බරපතල තුවාල ලබා මාවතගම රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් ජීවිතක්ෂයට පත්ව තිබූ බව පොලීසිය පවසයි. පවුල් ආරවුලක් හේතුවෙන් සැකකාර සැමියා විසින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, 50 හැදි වියැති සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. වැලිගමඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.














