මධ්‍යම සහ නැගෙනහිර යුරෝපය පුරා පවතින දැඩි උණුසුම් කාලගුණය සහ නියඟය හේතුවෙන් බරපතල බලශක්ති අර්බුදයක් මතුව තිබේ. යුරෝපයේ ප්‍රධාන ගංගාවක් වන ඩැනියුබ් නදියේ ජල මට්ටම සහ ජල ප්‍රවාහය ඓතිහාසික ලෙස පහළ බැසීම මෙයට ප්‍රධානම හේතුව වී ඇත.
මෙම තත්ත්වය නිසා රුමේනියාවේ සහ හංගේරියාවේ න්‍යෂ්ටික බලාගාරවල සිසිලන පද්ධති ක්‍රියාත්මක කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබේ. ඒ හේතුවෙන් බලශක්තිය පිරිමැසීම සඳහා හංගේරියාවේ බුඩාපෙස්ට් අගනුවර සංචාරක ආකර්ෂණ ස්ථාන රැසක ආලෝකකරණය අවම කිරීමට සහ විදුලි පහන් නිවා දැමීමට බලධාරීන් පියවර ගෙන ඇත.














