ඇමරිකානු, ඊශ්‍රායල සහ වෙනත් “සතුරු” නෞකා හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කිරීම තහනම් කිරීම අරමුණු කරගත් මුල් අදියරේ කෙටුම්පතක් ඉරාන පාර්ලිමේන්තු කමිටුවක් විසින් සමාලෝචනය කරමින් පවතින බව එරට අර්ධ නිල ෆාර්ස් (Fars) පුවත් සේවය වාර්තා කරයි.
මෙම යෝජිත නීති උල්ලංඝනය කරන නෞකා සඳහා ඒවායේ භාණ්ඩ වටිනාකමින් 20%ක් දක්වා වන දැවැන්ත දඩ මුදලක් අය කිරීමට මෙම කෙටුම්පත යටතේ යෝජනා වී ඇත. අදාළ නීති කෙටුම්පත තවදුරටත් විශේෂඥ සමාලෝචන මට්ටමේ පවතින අතර, එය අවසන් කිරීමට පෙර නිර්දේශ ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තුව විසින් විශේෂඥයන්ට ආරාධනා කර ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














