කොළඹ මැගසින් බන්ධනාගාරයේ ‘E’ වාට්ටුවේ අද (06) රාත්‍රියේ හටගත් නොසන්සුන්තාව මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්.යු. වුට්ලර් පවසයි.
රැඳවියන් 40 දෙනෙකුගෙන් යුත් පිරිසක් අතර මෙම නොසන්සුන්තාව හටගෙන ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකා (STF) නිලධාරීන් මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට ආරක්ෂාව තර කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.













