වයස අවුරුදු 97 ක් වන බ්‍රිතාන්‍ය ජාතික බෙටි බ්‍රොමේජ් නැමැති කාන්තාව, ලොව වයස්ගතම ගුවන් යානයක තටු මත සංදර්ශන දක්වන කාන්තාව ලෙස ඇය විසින්ම මීට පෙර පිහිටුවා තිබූ ගිනස් ලෝක වාර්තාව අලුත් කිරීමට සමත්ව තිබේ.
ඇය ගුවන් යානයක ඉහළ තටුවට සවි කර ඇති ආසනයක බැඳ තබමින් පැයට සැතපුම් 150 ක වේගයෙන් මෙම ගුවන් සංදර්ශනය සිදු කර ඇත. චෙල්ටන්හැම් මහ රෝහලේ ආඝාත ප්‍රතිකාර අංශය සඳහා අරමුදල් රැස් කිරීමේ උදාර අරමුණ පෙරදැරිව ඇය මෙම දැවැන්ත අභියෝගය භාරගෙන තිබේ.













