රුසියානු ප්‍රහාර හේතුවෙන් යුක්රේනයේ නැගෙනහිර බලක්ලියා (Balakliia) සහ උතුරු සුමි (Sumy) ප්‍රදේශවල පුද්ගලයින් 6 දෙනෙකු මියගොස් ඇති බව බලධාරීන් පවසයි.
බලක්ලියා නගරයේ නිවාස අසලට එල්ල වූ රුසියානු ප්‍රහාරවලින් පුද්ගලයින් තිදෙනෙකු රාත්‍රී කාලයේදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ගිනි නිවන භටයන් සහ ගලවා ගැනීමේ කණ්ඩායම් ගින්න පාලනය කිරීමට සහ සුන්බුන් ඉවත් කිරීමට කටයුතු කරමින් සිටී. මීට අමතරව, උතුරු සුමි කලාපයේ ජනාවාස වෙත එල්ල වූ ප්‍රහාරවලින් තවත් තිදෙනෙකු මියගොස් ඇති අතර, අවම වශයෙන් 19 දෙනෙකු තුවාල ලබා ඇත. සුමි නගරයට මඟ පෙන්වන ලද ගුවන් බෝම්බ (guided aerial bombs) ප්‍රහාරයක් එල්ල වීමෙන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව යුක්රේන පොලිසිය ටෙලිග්‍රාම් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබේ. එසේම, දකුණු Kherson කලාපයේ වෑන් රථයක් ඉලක්ක කර එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් පුද්ගලයින් 6 දෙනෙකු තුවාල ලබා ඇති බව ප්‍රාදේශීය පරිපාලනය පවසයි. 2022 පෙබරවාරි මාසයේදී යුක්රේන ආක්‍රමණය ආරම්භ වූ දා සිට රුසියාව සහ යුක්රේනය යන පාර්ශ්ව දෙකම සිවිල් වැසියන් ඉලක්ක කිරීම ප්‍රතික්ෂේප කර ඇත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්













