ඉන්දියාවේ නිෂ්පාදිත අධිවේගී සුපර්සොනික් කෘස් මිසයිල මිලදී ගැනීම සඳහා තායිලන්තයේ අවධානය යොමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වෙරළාශ්‍රිත කලාප සහ තීරණාත්මක මුහුදු මාර්ග ආරක්ෂා කරගැනීමේ ස්වාධීන ආරක්ෂක උපායමාර්ගයක් ලෙස, බ්‍රාහ්මෝස් (BrahMos) මිසයිල වර්ගයට අයත් නෞකා නාශක මිසයිල පද්ධතියක් මිලදී ගැනීමට තායිලන්ත රජය මෙලෙස සූදානම් වේ. පසුගිය වසරේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීමෙන් පසු ආරක්ෂක කටයුතු සම්බන්ධ නිෂ්පාදන සහයෝගීතාව වර්ධනය කර ගැනීමට නායකයන් එකඟ වී තිබුණි.
මුහුදු සීමා ආරක්ෂාව සහ තර්ජන වැලැක්වීම සඳහා රාජකීය තායි නාවික හමුදාව නවීකරණය කිරීමේ පියවරක් ලෙස මෙම මිලදී ගැනීම සිදු කිරීමට නියමිතය. මෙමඟින් ඉන්දියාවේ ආරක්ෂක අපනයන ක්ෂේත්රය තවදුරටත් පුළුල් වන අතර, ඉන්දියාව මීට පෙර පිලිපීනයටද බ්‍රාහ්මෝස් මිසයිල අලෙවි කර ඇති අතර, ඉන්දුනීසියාව, වියට්නාමය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟද එවැනි අපනයන සාකච්ඡා පවත්වමින් සිටී.













