ඉරානය සමඟ පවතින යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇතැයි තමන් විශ්වාස කරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
ධවල මන්දිරයේ ඕවලාකාර කාර්යාලයේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඔහු සඳහන් කර ඇත්තේ, “මම සිතන විදිහට එය ඉතා ඉක්මනින් අවසන් වේවි. මම හිතන්නේ නැහැ ඔවුන්ට තවත් වැඩි කාලයක් මේ ආකාරයෙන් පැවතීමට හැකි වෙයි කියලා,” යනුවෙනි.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්













