2025 වසරේ උසස් පෙළ විභාග ප්‍රතිඵල මත සාමාන්‍ය බඳවා ගැනීමේ ක්‍රියාවලිය යටතේ විශ්වවිද්‍යාල සඳහා තෝරාගත් සිසුන්ගේ ලියාපදිංචි වීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) නිවේදනය කර තිබේ.
විශ්වවිද්‍යාල සඳහා තෝරාගත් සිසුන්ගේ ලියාපදිංචි වීමේ කටයුතු අගෝස්තු මස 14 වැනි දිනෙන් අවසන් වන අතර, ඊට අදාළ අභියාචනා භාර ගැනීම අගෝස්තු මස 21 වැනි දින දක්වා සිදු කිරීමට නියමිතය. මෙම ලියාපදිංචියට අදාළ වැඩිදුර තොරතුරු සහ විස්තර www.ugc.lk නිල වෙබ් අඩවිය හරහා ලබාගත හැක.














