අලෙවි කිරීම සඳහා ගිනිඅවි නිෂ්පාදනය කළ පුද්ගලයෙක්, ගිනිඅවි දෙකක්, කඩුවක්, ජීව උණ්ඩ සහ කේරළ ගංජා සමඟ අක්මීමන පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
අක්මීමන පොලීසියේ උප පොලිස් පරීක්ෂක නිරංජන් මහතාට ලැබුණු තොරතුරක් මත පසුගිය 4 වැනිදා අක්මීමන මානවිල, සදර්න්කෝර්ට් ප්‍රදේශයේ නිවෙසක් පරීක්ෂා කිරීමේදී මෙම වැටලීම සිදු කර තිබේ.
නිවෙස පරීක්ෂා කිරීමේදී සඟවා තිබූ නිෂ්පාදිත ගිනිඅවි දෙකක්, කඩුවක්, ග්‍රෑම් 800ක් බරැති කේරළ ගංජා සහ ජීව උණ්ඩ 3ක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් 23 හැවිරිදි සැකකරු මීට පෙර රත්ගම පොලිස් වසමේදී බෝර 12 ගිනිඅවියක් සමඟ මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාව මත අධිකරණයේ නඩුවකට මුහුණ දී ඇති අයෙකු බව අනාවරණය වී තිබේ.
අක්මීමන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මුදිත දල්පදාතු මහතාගේ මූලිකත්වයෙන් අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.














