නව මෙට්‍රෝ (Metro) බස් රථ සේවාව කොළඹට පමණක් සීමා නොකර අනෙකුත් දිස්ත්‍රික්ක වෙතද ව්‍යාප්ත කරමින්, 2029 වසර වන විට සමස්ත මෙට්‍රෝ බස් රථ සංඛ්‍යාව 500 දක්වා ඉහළ නැංවීමට රජය සැලසුම් කර ඇති බව ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා ප්‍රකාශ කර තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ දැනටමත් නව මෙට්‍රෝ බස් රථ 104ක් මෙරටට පැමිණ ඇති අතර, ලබන සැප්තැම්බර් මාසය වන විට ඒවායේ ධාවන කටයුතු ආරම්භ කිරීමට නියමිතය.
දැනට ධාවනය වන මෙට්‍රෝ බස් රථ 10ක්, ජපානයෙන් ලැබුණු බස් රථ 7ක් සහ මෙම නව බස් රථ 104ක් එකතු කරමින් බස් රථ 121කින් සමන්විත “Colombo Metro Urban Luxury” සේවාව ආරම්භ කිරීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි මෙම සේවාව කොළඹින් පිටත ප්රදේශවලටද ව්‍යාප්ත කරන අතර, ඒ අනුව කොළඹින් පිටත මෙම පහසුකම හිමිවන පළමු ප්‍රධාන දිස්ත්‍රික්කය බවට යාපනය පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.













