කුරුවිට බන්ධනාගාරය තුළ අද (07) දිනයේ හටගත් උණුසුම් තත්ත්වයක් හේතුවෙන් නොසන්සුන්කාරී වාතාවරණයක් උද්ගත වී ඇති බව පොලිසිය පවසයි.
මෙම නොසන්සුන්තාව ඊයේ (06) රාත්‍රියේ ප්‍රථමයෙන් හටගෙන ඇති අතර, පසුව තත්ත්වය පාලනය කිරීමට පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත්, අද (07) උදෑසන යළිත් වරක් රැඳවියන් අතර නොසන්සුන්තාවක් හටගෙන ඇති අතර, රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලට අලාභහානි සිදු කර ඇති බව ද වාර්තා වේ.














