ළමුන්ගේ සහ යොවුන් වියේ පසුවන්නන්ගේ මානසික සෞඛ්‍යයට හානි කිරීමේ චෝදනාවට වගකිවයුතු බවට තීන්දු කරමින්, නව මෙක්සිකෝ ප්‍රාන්ත අධිකරණයක් විසින් මෙටා සමාගමට ඩොලර් මිලියන 567ක මුදලක් යොමු කරන ලෙස බ්‍රහස්පතින්දා නියෝග කර තිබේ.
නව මෙක්සිකෝ ප්‍රාන්තයේ නීති යටතේ මෙටා සමාගම මහජන උපද්‍රවයක් (public nuisance) නිර්මාණය කර ඇති බවට විනිසුරු බ්‍රයන් බීඩ්ෂීඩ් (Bryan Biedscheid) තීන්දු කළේය.
තරුණ පරිශීලකයන් ඇබ්බැහි කරවන අයුරින් නිෂ්පාදන සැලසුම් කිරීම සහ ළමුන් ආරක්ෂා කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් ප්‍රාන්ත නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබුණි.
මෙම තීන්දුවට අනුව, 13 වැනි වියට අඩු පරිශීලකයන්ගේ ගිණුම් ඉවත් කිරීම, යොවුන් වියේ පසුවන්නන්ගේ ගිණුම් ස්වයංක්‍රීයව පෞද්ගලික (private) ලෙස සැකසීම සහ පාසල් වේලාවන් තුළ දැනුම්දීම් (push notifications) අක්‍රිය කිරීම ඇතුළු දැඩි ආරක්ෂක පියවරයන් ක්‍රියාත්මක කිරීමට නියෝග කර ඇත.
මෙම තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බව මෙටා සමාගම ප්‍රකාශ කර ඇත.














