එක්සත් ජනපදයේ ජන්ම අයිතිය මත පදනම් වූ පුරවැසිභාවය (Birthright Citizenship) අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ගත් උත්සාහය ව්‍යර්ථ කිරීමෙන් සති කිහිපයකට පසු, අමෙරිකානු පුරවැසිභාවය ලබා දීම සීමා කිරීමේ අරමුණින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නව විධායක නියෝග දෙකකට අත්සන් තබා තිබේ.
අගෝස්තු 06 වැනි දින අත්සන් කරන ලද මෙම නව විධායක නියෝග හරහා, ඇමරිකානු භූමිය තුළ දරුවන් බිහි කරන විදේශිකයන්ට උපන් අයිතිය මත ස්වයංක්‍රීයව පුරවැසිභාවය ලබා දීමේ ක්‍රමවේදයට දැඩි සීමා පැනවීමට නියමිත බව වාර්තා වේ.













