ඉරානය සමඟ පවතින යුද්ධය ඉක්මනින් අවසන් වනු ඇතැයි තමන් දැඩි ලෙස විශ්වාස කරන බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
අගෝස්තු 06 වැනි දින ඕවල් කාර්යාලයේදී වාර්තාකරුවන් හමුවේ අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, “මම හිතන්නේ ඒක ඉක්මනින්ම අවසන් වෙයි කියලා. ඔවුන්ට වැඩි කාලයක් යා හැකි යැයි මම නොසිතමි,” යනුවෙනි. කෙසේ වෙතත්, සන්නද්ධ හමුදාවන්ට ඇතැම් ආයුධ සැපයීමේ යම් යම් ගැටළු පවතින බවද ඔහු එහිදී පෙන්වා දී ඇත.
















