දේශීය ව්‍යවසායකත්වය නංවාලීමේ අරමුණින්, අවිධිමත් අංශයේ සේවා නියුක්ත පිරිස් සවිබල ගැන්වීම සඳහා විශේෂ වැඩසටහනක් මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහන පසුගිය දින කළුතර මදුරාවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී සාර්ථකව පවත්වන ලද අතර, ප්‍රදේශයේ ස්වයං රැකියා සහ අවිධිමත් අංශයේ ව්‍යාපාරවල නිරත පිරිස වෙත නව මඟපෙන්වීම් සහ සහයෝගය ලබා දීම මෙහිදී සිදු කෙරිණි.














