අනුරාධපුර නොච්චියාගම මාසික රණවිරු සංසද රැස්වීම සහ නව සාමාජිකයින් බඳවා ගැනීමේ වැඩසටහන ඊයේ (අගෝස්තු 06) දින නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
මෙම අවස්ථාවට සමගාමීව, නොච්චියාගම ප්‍රදේශය භාර ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එස්.වයි.ඩී.කේ. සුභාෂිණී මහත්මියගේ සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන්, පැමිණ සිටි සියලුම රණවිරු ප්‍රජාව උදෙසා නොමිලේ ප්‍රජා සෞඛ්‍ය සායනයක් සහ ආයුර්වේද සෞඛ්‍ය සත්කාර වැඩසටහනක්ද ක්‍රියාත්මක කරන ලදී.














