තිරප්පනේ, මාරාකුලම ප්රදේශයේ වගා ළිඳකට වැටී සිටි අඩි 9යි අඟල් 6ක් පමණ දිගැති පිරිමි හැල කිඹුලකු තිරප්පනේ වනජීවී බීට්ටු කාර්යාලයේ නිලධාරීන් විසින් ආරක්ෂිතව මුදාගෙන තිබේ.
මාරාකුලම මහ වැවේ ජල මට්ටම අඩුවීම හේතුවෙන් ආහාර සොයා ගොඩබිමින් ගමන් කිරීමේදී මෙම කිඹුලා වගා ළිඳට වැටෙන්නට ඇතැයි වනජීවී නිලධාරීහු සැක පළ කරති. වගා ළිඳේ හිමිකරු මේ පිළිබඳව වනජීවී නිලධාරීන්ට දැනුම් දීමෙන් පසු, ගම්වාසීන්ගේද සහය ඇතිව වතුර මෝටරයක් ආධාරයෙන් ළිඳෙහි ජලය ඉවත් කර දැඩි පරිශ්රමයක් යොදා කිඹුලා ගොඩට ගෙන ආරක්ෂිත පරිසරයකට මුදා හැරීමට කටයුතු කර ඇත.














