නව මැගසින් බන්ධනාගාරයේ ඊයේ (අගෝස්තු 06) රාත්‍රියේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලබා බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ රැඳවියන් 11 දෙනා අතරින් **එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව** ඇති බව වාර්තා වේ.
රට තුළ බන්ධනාගාර කිහිපයකම හටගෙන ඇති නොසන්සුන්කාරී වාතාවරණය අතරතුර මැගසින් බන්ධනාගාරය තුළද මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.














