බන්ධනාගාර තුළට මත්ද්‍රව්‍ය රැගෙන යෑම වැලැක්වීමට ගෙන ඇති දැඩි ක්‍රියාමාර්ග සහ පාතාලයට සම්බන්ධ කණ්ඩායම් දෙකක් අතර ඇති වී තිබෙන විරසකය හේතුවෙන් බන්ධනාගාර කිහිපයක එකවර මෙම ගැටුම් හටගෙන ඇති බව අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
පාතාලය සහ මත්ද්‍රව්‍ය මර්දනය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කර තිබෙන දැඩි වැඩපිළිවෙළට එල්ල වන ප්‍රතිරෝධයක් ලෙස සහ මෙම තත්ත්වය භාවිත කරමින් නොසන්සුන්තාවයක් ඇති කිරීමට කිසියම් බාහිර කණ්ඩායමක් සැලසුම් සහගතව කටයුතු කරමින් සිටින බවට තොරතුරු ලැබී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය. කෙසේ වෙතත්, මේ වන විට මැගසින් සහ කුරුවිට බන්ධනාගාරවල ඇති වූ තත්ත්වය පාලනය කර ඇති අතර, මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේද නොසන්සුන්තාවක් හටගෙන ඇති බව වාර්තා වේ.














