තාක්ෂණයෙන් ඔබ්බට ගමන් කර ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් අතර සබඳතාවන් සවිමත් කිරීම සඳහා වන සිය කැපවීම තහවුරු කරමින්, Hikvision Sri Lanka ආයතනය විසින් සාර්ථකව නිමාවට පත් වූ FITIS ක්‍රිකට් තරඟාවලිය සඳහා අනුග්‍රාහකත්වය පිරිනමා තිබේ. ශ්‍රී ලංකාවේ තාක්ෂණික සහ ආරක්ෂක ක්ෂේත්‍රයන්හි නියැලී සිටින වෘත්තිකයන් රැසක් ඒකරාශි කරමින් ඔවුන් අතර අන්‍යෝන්‍ය සබඳතාව සහ සහෝදරත්වය ගොඩනැංවීම මෙම තරඟාවලියේ මූලික අරමුණ විය.
මෙම තරඟාවලිය මඟින් පද්ධති ඒකාබද්ධ කරන්නන්, බෙදාහැරීමේ හවුල්කරුවන්, තාක්ෂණික සැපයුම්කරුවන් සහ ආයතනික පාර්ශවකරුවන්ට නිල නොවන මට්ටමින් එකිනෙකා සමඟ සම්බන්ධ වීමට මනා අවස්ථාවක් හිමි වූ බව Hikvision Sri Lanka ආයතනයේ අධ්‍යක්ෂ සහ මෙරට කළමනාකරු යසන්ත හෙන්නායක මහතා සඳහන් කළේය. ශක්තිමත් කර්මාන්තයක් ගොඩනැගෙන්නේ ශක්තිමත් සබඳතා මත බව විශ්වාස කරන බවත්, වෘත්තීය පරිසරයෙන් ඔබ්බට ගොස් හවුල්කරුවන් එකට එකතු කරන මෙවැනි මුලපිරීම් සඳහා අඛණ්ඩව සහයෝගය දක්වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය. බුද්ධිමත් ආරක්ෂක පද්ධති සහ AIoT විසඳුම් සපයන ප්‍රමුඛ පෙළේ සන්නාමයක් ලෙස, හවුල්කාරිත්වයන් ව්‍යාපාරික ගනුදෙනුවලට පමණක් සීමා නොවිය යුතු බව විශ්වාස කරන Hikvision ආයතනය, ඉදිරියටත් මෙවැනි සංවර්ධන මුලපිරීම් සඳහා සහයෝගය දැක්වීමට අපේක්ෂා කරයි.














