මීගමුව, දළුපොත, පල්ලන්සේන බන්ධනාගාරයේ අද (අගෝස්තු 07) පෙරවරුවේ සිට හටගත් නොසන්සුන්තාව මේ වන විට සම්පූර්ණයෙන් පාලනය කර ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ, ආරක්ෂක අංශවල සක්‍රීය මැදිහත්වීම මත බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කිරීමට හැකි වූ බවයි.














