සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය ආරම්භ කරමින් පැවැත්වෙන තෙදින පුහුණු තරගය අද (අගෝස්තු 07) කොළඹ NCC ක්‍රීඩාංගණයේදී ආරම්භ විය.
කාසියේ වාසිය දිනාගත් SLC XI කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, එහිදී ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ඉන්දීය පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් වූහ. දිල්ෂාන් මධුෂ්ක විශිෂ්ට පිතිකරණයක නිරත වෙමින් ලකුණු 66ක් රැස් කළ අතර, ඉක්මන් ලකුණක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී දුවද්දී දැවී යාමකට ලක්වීම හේතුවෙන් ඉන්දීය කණ්ඩායමට තරගයේ පළමු කඩුල්ල හිමි විය.
















