මංමාවත්වල ජීවිත සහ දේපළ ආරක්ෂා කර ගැනීම සඳහා සියලුම මෝටර් රථ සහ යතුරුපැදි සවාරිකරුවන් ප්‍රමිතියෙන් යුතු ශ්‍රී ලංකා ප්‍රමිති (SLS) සහතිකලත් හිස්වැසුම් පැළඳිය යුතු බව ප්‍රවාහන, මහාමාර්ග හා නගර සංවර්ධන අමාත්‍යාංශය අවධාරණය කරයි.
ජාතික මාර්ග ආරක්ෂණ සභාවේ සභාපති මංජුල කුලරත්න මහතා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව සඳහන් කළේ, මාර්ග ආරක්ෂණ ක්රියාමාර්යයන් සහ අනුමත හිස්වැසුම් පැළඳීමේ නීතිමය අවශ්‍යතාවය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ අරමුණිනි.
ශ්‍රී ලංකාවේ වාර්ෂිකව මාර්ග අනතුරු හේතුවෙන් පුද්ගලයින් 2,500කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වන අතර, එම මරණ වලින් 1,000කට වැඩි ප්‍රමාණයක් යතුරුපැදි අනතුරු වේ. මෝටර් රථ අනතුරු මගින් සිදුවන මරණවලට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ බරපතළ හිසේ තුවාල සිදුවීමයි. මාර්ග අනතුරු අවම කිරීමේ අරමුණින් රජය විසින් ක්‍රියාත්මක කරන ලද ද්විවාර්ෂික ජාතික මාර්ග ආරක්ෂණ ක්‍රියාකාරී සැලැස්මට පියවර 96ක් ඇතුළත් වන අතර, ඒ අතරින් දැනටමත් පියවර 30ක් ක්‍රියාත්මක කර ඇත.
පාරිභෝගික කටයුතු අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ ශ්‍රී ලංකා පොලිසිය ඒකාබද්ධව දිවයින පුරා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතියි. SLS සහතික ලකුණ නොමැති හිස්වැසුම් අලෙවි කරන සහ බෙදාහරින පාර්ශ්වයන්ට එරෙහිව දැඩි නීතිමය ක්රියාමාර්යයන් සහ වැටලීම් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට පොලිසිය කටයුතු කරනු ඇත.















