ශ්රී ලංකාව සමඟ ආරම්භ වීමට නියමිත ටෙස්ට් ක්රිකට් තරගාවලියට පෙර ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ නායක ශුබ්මන් ගිල් ආබාධයකට ලක්ව ඇති බව වාර්තා වේ.
පසුගිය අගෝස්තු 06 වන දින පැවති පුහුණු සැසියකදී ඔහුගේ දකුණු අතේ ඇඟිල්ලක් මෙලෙස ආබාධයකට ලක්ව තිබේ. මේ හේතුවෙන් ශ්රී ලංකා XI කණ්ඩායමට එරෙහිව අද (අගෝස්තු 07) පැවැත්වෙන පුහුණු තරගයට ක්රීඩා කිරීම සඳහා ශුබ්මන් ගිල්ට එක්වීමට හැකි වී නැත.
එමෙන්ම, එළැඹෙන අගෝස්තු 15 වන දින ආරම්භ වන ශ්රී ලංකාවට එරෙහි පළමු ටෙස්ට් තරගය සඳහා ඔහුට නායකත්වය ලබා දී කණ්ඩායම මෙහෙයවීමට හැකි වේද යන්න සම්බන්ධයෙන් මේ වන විට අවිනිශ්චිත තත්ත්වයක් උද්ගත වී තිබේ.














