ගිනි අවි ප්‍රහාරයකින් ඉදිරි දෙපා තුවාල ලැබූ වන අලි දෙනෙකුට හුරුළු වැව වැව් බැම්ම අසලදී වනජීවී නිලධාරීන් විසින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දී තිබේ.
මොරගොඩ අඩවි කාර්යාලයට ලද තොරතුරකට අනුව, පන්දුලගම වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන් විසින් අද (අගෝස්තු 07) මෙම අලියාට ප්‍රතිකාර සිදු කරනු ලැබ ඇත. ප්‍රතිකාර සිදු කරන අවස්ථාව පුරාම තුවාල ලැබූ මවගේ අසලින්ම අලි පැටියා රැඳී සිටි බව බලධාරීහු පවසති.
මව් අලියාට ප්‍රතිකාර කිරීම සඳහා බාධාවක් නොවන පරිදි, අලි පැටියාටද සාමකාමී ලෙස නිර්වින්දන ප්‍රතිකාර ලබාදී ආරක්ෂිතව ගසක රඳවා ගැනීමට වනජීවී නිලධාරීන් කටයුතු කර තිබේ. තුවාල ලැබූ මව් අලියාට ඉදිරි දිනවලදීද අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර අඛණ්ඩව ලබා දීමට කටයුතු කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.














