ඉන්දීය රජයේ “විදේශයන්හි හින්දි ප්‍රචාරණය කිරීමේ” (Propagation of Hindi Abroad) ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ හින්දි භාෂාව හැදෑරීම සඳහා ශ්‍රී ලංකා සිසුන් 20 දෙනෙකු තෝරාගෙන තිබේ.
2026 අගෝස්තු මාසයේ සිට 2027 මැයි මස දක්වා මාස 10ක කාලයක් ඉන්දියාවේ ආග්‍රා හි පිහිටි කේන්ද්‍රීය හින්දි ආයතනයෙන් (Kendriya Hindi Sansthan – KHS) අධ්‍යාපනය ලැබීම සඳහා මෙම සිසුන්ට අවශ්‍ය ගුවන් ගමන් බලපත්‍ර, අධ්‍යාපන ගාස්තු සහ දේශීය ආගන්තුක සත්කාර ආදිය ඉන්දීය රජය විසින් සම්පූර්ණයෙන්ම අනුග්‍රහය දක්වනු ලබයි.
දිවයිනෙන් පිටත්ව යාමට පෙර, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අගෝස්තු 04 වන දින අදාළ සිසුන් මුණගැසී ඇති අතර, එහිදී ඔහු ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින සියවස් ගණනාවක සංස්කෘතික, භාෂාමය සහ අධ්‍යාපනික සබඳතා ශක්තිමත් කිරීම සඳහා හින්දි භාෂාව ඉටු කරන කාර්යභාරය විශේෂයෙන් අගය කළේය.
මෙම ශිෂ්‍යත්වය සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් සිසුන් 5 දෙනෙකු, රුහුණ විශ්වවිද්‍යාලයෙන් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයෙන් එක් අයෙකු බැගින්ද, අනුරාධපුර රජරට විශ්වවිද්‍යාලයෙන් සිසුන් 3 දෙනෙකු සහ කැළණිය විශ්වවිද්‍යාලයෙන් සිසුන් 8 දෙනෙකු ඇතුළත් වේ. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පාසල් සහ විශ්වවිද්‍යාල ඇතුළු ආයතන 100ක පමණ හින්දි භාෂාව උගන්වනු ලබන අතර, කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ සංස්කෘතික අංශය වන ස්වාමී විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානය (SVCC) මඟින් 2011 වසරේ සිට මෙම ශිෂ්‍යත්ව වැඩසටහන සම්බන්ධීකරණය කරනු ලබයි. ගග ගෙගිය වසර 14 තුළ ශ්‍රී ලංකා සිසුන් 200කට අධික පිරිසකට මෙම ශිෂ්‍යත්වය හිමි වී ඇති බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසයි.














