ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අතර විශේෂ දුරකථන සංවාදයක් පවත්වා තිබේ.
දෙරට අතර පවතින විශේෂ උපායමාර්ගික සබඳතාවල ප්‍රගතිය සමාලෝචනය කිරීමටත්, බටහිර ආසියානු කලාපයේ වත්මන් තත්ත්වය පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමටත් නායකයන් දෙපළ මෙහිදී පියවර ගෙන ඇත. ආරක්ෂක, කෘෂිකර්ම, තාක්ෂණ සහ වෙළඳ යන ක්ෂේත්රයන්හි සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමට දෙරටේම කැපවීම මෙහිදී නැවත තහවුරු කර තිබේ.














